පාසල් දරුවන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ දුම්රිය හා ලංගම සීසන් අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හා ලංකා ගමනාගමන මණ්ඩලයට ලාභ ලැබිය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.

අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ, රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාව (Air Ambulance service) මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය.

රනිල් - රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේ පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්  පවසයි.

රට තුළ මේ විට ඉදිකිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබේ.

ld add copy

Connet With Us