පසුගියදා සියදිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයකු අද දිනයේ මහරගම ලැගුම්හලකදී සිය දිවි නසා ගෙන මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රසාදය පළ කර තිබේ.

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය100%කින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.

රට තුළ පවතින විදුලි අර්බුදයට මූලික වශයෙන් බලපෑ කරුණු පිළිබඳව සඳහන් කරමින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් සකස් කර තිබේ.

පොත් තුන්දහහසක් ප්‍රතිලේඛනය කළ ජයරණි ගුණතිලක මහත්මිය හදිසි රෝගාබාදයකට ගොදුරුවීමෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (3) දින රෝහලේදී මියගොස් තිබෙනවා.

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබේ.

බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ld add copy

Connet With Us