භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවියක් මගින් ඒ බව දැනුම් දුන් අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ, භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවය.

“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව මැයෙන් හෙට (අගෝ. 22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිත ය.

මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්න යැයි පොදුජන පෙරමුණ ජනාධිපතිගෙන් ඉල්ලා ඇත් බව වාර්ථා වේ.

මෙරට දියර කිරි වලින් ස්වයං පෝශිත කරවන බව මීට වසර ගනනාවකට පෙර සිටම බොහෝ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඇතුළත්ව තිබිණි. එසේම ආණ්ඩු බලය ගන්නා සෑම කණ්ඩායමක්ම මේ කතාව සිය දහස්වර කියා ඇත. නමුත් මේ රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් සම්පූර්ණ කිරීමට තබා පවතින තත්වය හෝ රැක ගැනීමටවත් පාලකයන් සමත් නොවන බව පෙන්වා දී ඇත.

යල කන්නයේ වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.

ගාලුමුවදොර පිටිය නිසි අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට නොදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

ld add copy

Latest News

ගිගුරුම් සහිත වැසි

ගිගුරුම් සහිත වැසි

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින...

Connet With Us