ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතරවාරයේ හොරෙන්ම ICC ප්‍රධානීන් හමුවීමට ඉන්දියාවට ගිය උපාලි ධර්මදාස සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ පුත් රඛිත රාජපක්ෂව හමුවීම ICCය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ධුරය පසුගිය දහතුන් වැනි දින පුරප්පාඩු වූ අතර ඉන් ස්වල්ප දිනකට පසු නියෝජ්‍ය මාණ්ඩලික ධුරය ද පුරප්පාඩුව විය. ශ්‍රී ලංකා යුද හමුදාව සම්ප්‍රදායානුකූල මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා නිලධාරීන් පත් කිරීම එම පුරප්පාඩු වන සැනින් සිදු කරනු ලැබේ.

විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස් දෙනෙකුට බද්ධ කිරිම සදහා ඔහුගේ දෙමාපියන්ගේ කැමැත්ත මත ලබාගෙන ඇත.

ජාතික ක්‍රීඩාවන් හි අභිවෘර්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මිලියන 290කට ආසන්න මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දුන් බව පසුගිය දා (2023.11.11) මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනු ලැබුවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණයක් ගැනීමට අද නියමිතව ඇත.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 22ක්, ඔවුන් පැමිණි යාත්‍රා 5ක් සමඟ නිදහස් කර තිබේ.

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කර සිටිනවා.

ld add copy

Connet With Us