මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් කතා කළද මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක අගමැති ධුරයට පත්වූයේ ජයග්‍රහණය කිරීමෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

රුපියල් කෝටි 1974ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 60ක්) ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාදීම සඳහා වූ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono අතර ඊයේ (28) අත්සන් තැබිණි.

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, බන්දුල ගුණවර්ධන පැවසීය.

මතට ඇබ්බැහිවුවන්ට ඉදිරියේදී සිය කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් හරහා පුනරුත්ථාපනය සදහා යොමු වීමේ අවස්ථාව ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

පුරාවිද්‍යත්මක වටිනාකමක් සහිත අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව භික්ෂු සිවුරක් සේ හැඟෙන කහකඩකින් ආවරණය කිරීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අඩු ආදායම්ලාභීන්කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us