මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට ඉදිරියේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය සදහන් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ඡන්ම දිනය නිමිති කොටගෙන දැයේ දූ පුතුන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීමේ අරමුණින් “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත කිරීමේ මහෝත්සවය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් රක්ෂණාවරණයක් ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සදහන් කර තිබෙනවා .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න කවුරුන් හෝ යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේනවා.

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මගින් කඩිනමින් බෙදා හැරීමට කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ld add copy

Connet With Us