ශ්‍රී ලංකාවේ ආරම්භ කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවා .එමෙන්ම මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..

හෙට 2022 ජනවාරි 9 වැනිදා.

දැනට වසරකට පෙර 2021 ජනවාරි 18 දී ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ උපදෙස් පරිදි සියලුම කොවිඩ් එන්නත් මෙරටට ආනයනය කිරීමේ වගකිම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පවරනු ලැබුවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී  සිදුකෙරිණ.

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙන බවත් ජනාධිපතිරයා, මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිරයාව ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිරයා ගත්තේ නිවැරදි තීන්දුවක් බවත් මෙය මීට පෙර ගතයුතුව තිබු තීන්දුවක් බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ld add copy

Latest News

Connet With Us