එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන්ම විය යුතු බවට අද දින එජාප නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජේෂ්ඨ මැති ඇමතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී තීන්දු කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේත් ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණ කිරීමෙන් පසුව පිහිටුවන ආණ්ඩුව පාලනය කරන්නේ නන්දසේන මිසක් අගමැතිවරයාවත් කැබිනට් මණ්ඩලයවත් නොවන බව අද දින පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායකයාද එකම සාමාජිකයාද වන උදය ගම්මපිල කරුණු කාරණා සහිතව පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින යටිකූට්‍ටු කුමන්ත්‍රණ සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නා ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ සවස දැනුම් දීමට කටයුතු කළ බව එම මන්ත්‍රීවරුන්ට සමීප ආරංචිමාර්ග පවසයි.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පාර්ශ්වය නියෝජනය කරන සුළුතර මැති ඇමැතිවරු පිරිස මේ වන විට තම නායකයා රැක ගැනිමටත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට එරෙහිව අවලාද නැගීමටත් පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් තිබේ. එසේම සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ‍තෝරා පත් කරගැනීම වැලැක්වීමට මහින්ද රාජපක්ෂ සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පසුගිය සති කිහිපය මුලුල්ලේම අගමැතිවරයාගේ පාර්ශ්වයේත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙත් සහය ඉල්ලා තිබුණු බවත් කසුකුසුවක් තිබිණි.

මේ වන විට කල් ඉකුත් වී ඇති පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කථාව

19 වන සංශෝධනය ප්‍රකාරව කැබිනට් ඇමැති මණ්ඩලයේ සීමාව 30 දෙනෙකුට සීමා කිරීම නිසා පාර්ලිමේන්තුව තුල වෙනත් පක්ෂ සාමාජිකයන් එකතු කරගෙන තනි ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට බලවත් බාධකයක්ව පැවැතීම හේතුවෙන් එම ව්‍යවස්ථා සංශෝධයෙන් ඇමති මණ්ඩලයේ සීමාව ඉවත් කර ගැනීමට සඳහා ශ්‍රීලනීපයත් පොදුජන පෙරමුණත් මේ වන විට යම් එකගත්වයකට පැමිණ තිබෙන බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

ld add copy

Latest News

Connet With Us