නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා කර එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවා ඇත.

දේශීය හා විදේශීය ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මිනුවන්ගොඩ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us