පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේන බව වාර්තා වෙනවා.

සද්භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (07) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැසීය.

මුඛ ආවරණ පැළදීමකින් තොරව මාළු වෙළදාමේ නිරතවූ 136 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේනවා.
ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවතින නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත්කර තිබේනවා.

ගමක රාජ්‍ය නිලධාරින් කොපමණ ඉන්නවාද කියලා අපි දන්නා නමුත් අපි ගමට යන විට ඒ ගම්වල ජනතාවගේ ගැටළු එකක්වත් විසඳි නැති බවත් එදා තිබුණ තත්ත්වය වෙනස් කරලා වැඩි අවධානයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් යොමු කිරීම සඳහා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහන ආරම්භ කළ බවත් "ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට " ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පැවැසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් දෙදින නිල සංචාරය නිමකර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර අවසන් හමුව ලෙස අද පෙරවරුවේ(7) එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ld add copy

Connet With Us