හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරනයේදී රාජ්‍ය ආයතනයන්හි වාහන 5000ක්  භාවිතකර ඇතැයි රාජ්‍ය සේවාවන්ට අදාළ මැතිවරණ අක්‍රමිකතා විභාග කිරීමේ කමිටුව අනාවරණය කරගෙන ඇති බව බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා පැවැසීය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 5390 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට ලක්ෂ 58 ක ඡන්ද තිබෙන බවත් එම නිසා මෙවර මහ මැතිවරණයට තනිව තරග කර ආණ්ඩුවක් පිහි‍ටුවා අගමැති ධුරය ලබා ගන්නා බවට වහසි බස් දෙඩූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙපතුල ඇද වැටී නාමයෝජනා ඉල්ලීමට තම තරම් නිවට වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් රක්‌නා ලංකා ආරක්‌ෂක සේවයේ රාජකාරි සඳහා යෙදවීම‌ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‌ෂණ කොමිසම පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රතිවාදි කණ්‌ඩායමෙන් ඡන්ද සටනට පැමිණීම තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක්‌ බවට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇති බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජයගත් පසු එක්සත් ජාතික පක්ෂය දියත් කරන රැකියා දසලක්ෂය ව්‍යාපෘතිය අම්පාර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා පවසයි. ඒ අනුව අම්පාර (දිගාමඩුල්ල) දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ලක්ෂයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

ld add copy

Connet With Us