හිටපු ජනාධිපතිව මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව හෙට දින මහින්ද රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුවේ.

මහින්ද රාජපක්ෂ අාණ්ඩු සමයේදී ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන අද(07) යළිත් වරක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

ඉදිරි මහමැතිවරණයේදී මෛත්‍රී-මහින්ද සහ‍යෝගයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට නොලැබුනහොත් විමල් ගී ගනගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් 'මල් පොහොට්ටුව' ලාංඡනයෙන් තරඟකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා ලබා තිබෙන අකු‍රැස්ස ප්‍රාදෙශීය සභවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නොහොත් සාරුවා සුනිල් මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධිනව ඉදිරිපත් වීමට තීරණය කර ඇත මේ සඳහා අද දින උදැසන ඔහු ඇප මුදල් තැන්පත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කොට ඇත.

මේ වන විටත් කුඩු යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙන හෙරොයින් මෙන්ම නොයෙකුත් මත්පෙති වර්ග හරහාද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය දිය වෙමින් පවතින බව නොරහසකි.

ලංකා ඩේලි වෙබ් අඩවිය පසුගිය වසරේ ජූලි 07 වන දින සයිබර් අවකාශයට මුහු විය. විද්‍යුත් පුවත්පත් ක්ෂේත්‍රය අභියෝගයකට ලක්ව තිබු කාලයක අප විසින් එහි යම් තීරණාත්මක කාර්ය භාරයකට කර ගැසූ බව කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසීමට අපට හැකිව තිබේ.

සනත් ජයසූරිය මහතා දේශපාලන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංක යුධ හමුදාවිසින් සිදු කරන ලද සටනෙදී සිදූවූ යුධ අපරාධ ගනයෙහිලා සැලකිය හැකි සිදු වීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාවේ මූලික වාර්තාවක් ලබන අගෝස්තු 21 වන දින ශ්‍රී ලංකා රජයට ලබා දෙන බව වාර්තාවේ.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us