17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අදයි.

Published in ක්‍රීඩා
Friday, 19 September 2014 12:49

17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අද (19දා) දකුණු කොරියාවේ ඉන්චෙන්හිදී (Incheon) ආරම්භ වේ. ආසියාවේ පැවැත්වෙන දැවන්තම ක්‍රීඩා උලෙළ මෙය වන අතර, තරග ඉසව් රැසක් පැවැත්වෙයි.

මෙවර තරගාවලිය ක්‍රීඩා 36 ක තරග ඉසව් 439 ක් යටතේ යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා, බොක්සිං, ක්‍රිකට් (කාන්තා/පිරිමි), හොකී, රගර්, රුවන් ඔරු, බීච් වොලිබෝල්, බර ඉසිලීම හා මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් සහභාගී වෙති.

1951 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පළමු වරට තරගාවලිය ආරම්භ වූ අතර, එතැන් සිට පැවැති සියලුම ක්‍රීඩා උලෙළවල් සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගීවී ඇත. සමස්ත ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව පදක්කම් 43 ක් (රන්-10, රිදී-11, ලෝකඩ-23) ජයග්‍රහණය කර ඇත.

කලාපීය රටවල් 46 ක් මේ වනවිට ආසියානු ක්‍රීඩා උලෙළ නියෝජනය කර ඇති අතර, ඉන් රටවල් 34 ක් එක් රන් පදක්කමක් හෝ ජයග්‍රහණය කර ඇත. ඒ හැරුණුවිට රටවල් 43 ක් අවම වශයෙන් එක් පදක්කමක් හෝ ජයග්‍රහණ කර ඇති අතර, භූතානය, මාලදිවයින හෝ ටිමෝර්-ලෙස්ටි රටවලට තවමත් එකදු පදක්කමක් ජයග්‍රහණය කිරීමට නොහැකිවී ඇත.

එමෙන්ම චීනය හා ජපානය හැරෙන්න වෙනත් කිසිදු රටකට මෙතෙක් ශූරතාව හිමිකරගැනීමට නොහැකි වී ඇත. රන් පදක්කම් 1191 ක් සමගින් සමස්ත පදක්කම් 2553 ක් (රන්-1191, රිදී-792, ලෝකඩ-570) ජයග්‍රහණය කර සිටින චීනය සමස්ත පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටියි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us