පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

Published in ක්‍රීඩා
Monday, 09 February 2015 12:35

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරාජයක් ලැබීය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පන්දුවාර 44.4කදී කඩුලු හතකට ලකුණු 279ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටවීය. තිලකරත්න ඩිල්ෂාන් ශතයක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

දකුණු අප්‍රිකා කණාඩායමට පන්දුවාර 25කදී ලකුණු 188ක ඉලක්කයක් හිමිවූ අතර එය කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට ඔවුහු සමත්වූහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් අම්ලා හා කොක් පළමු කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩනැගූහ.

මෙම තරගයේදී ලසිත් මාලිංග නැවතත් පිටියට පිවිසියේය. ඔහු මෙහිදී එක් කඩුල්ලක් දවා ගැනිමටත් සමත්වූයේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us