වුෂූ මානෙල් මහින්දානන්ද අල්ලාගෙන නවීන්ට පහර දෙයි

Published in ක්‍රීඩා
Monday, 23 March 2015 10:50

ක්‍රීඩා සංගම් මා‍ෆියාවට එරෙහිව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් ක්‍රීඩා පනත ප්‍රකාරව ගෙන ආ වසර හතරක් ඉහළ තනතුරු දැරූවන්ට නැවත ක්‍රීඩා සංගම් වල තනතුරු සඳහා ඉදිරිපත් විය නොහැකි බවට වන නීතිය නිසා අසරණ වී සිටින ශ්‍රි ලංකා වුෂූ සංගමයේ සභාපතිවරයා වන මානෙල් ධර්මකිර්ති අධ්‍යක්ෂධුරයක් හොබවන සිලොන් ‍ටුඩේ හා මව්බිම පුවත්පත මඟින් ඇමැතිවරයාව විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.

ක්‍රීඩා සංගම් මා‍ෆියාවේ හුරතලකු වී සිටි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කිසිදු තාර්කික පදනමක් නොමැති ප්‍රකාශයක් ඊයේ (22)එම පුවත්පතේ පළ කරමින් නවීන් දිසානායක මහතා විසින් ගත් නිවැරදි කාලෝචිත පියවර විවෙචනය කර තිබේ.එමෙන්ම මෙම ක්‍රීඩා මා‍ෆියාවේ තවත් සාමාජිකයන්ගේ ප්‍රකාශන් ලබා ගෙන ඇමැතිවරයාවත් නීතිපතිවරයාවත් විචේචනය කරන පුවත් කිහිපයක්ම පසුගිය දින කිහිපයේදීම මෙම පුවත්පත් දෙක විසින් පළකරනු ලැබීය.

ක්‍රීඩා සංගම් නිළවරණය සඳහා මාධ්‍යට සම්බන්ධ කිසිවෙකුට ඉදිරිපත් විය නොහැකි බවට නීතියක් තිබියදී පසුගිය නිලවරණයට මනෙල් ධර්මකීර්තිගේ ඉල්ලුම් පත්‍රය අනුමත කිරීමට ක්‍රීඩා ඇතිවරයා විසින් කටයුතු කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද තිබියදීය. තමන්ගේ විරුද්ධවාදීන්ට පදනමක් නොමැතිව මානෙල් ධර්මකීර්ති සිය මාධ්‍ය ආයතනයේ පුවත්පත් හරහා පහර දෙන බව සාක්ෂි සහිතව එම චෝදනාකරුවන් පෙන්වා දුන්නට මහින්දානන්ද ඒ පිලිගත්තේ නැත.

නමුත් මෙවරද මානෙල් ධර්මකීර්ති තමන්ගේ විරුද්ධවාදින්ව විවේචනය කිරීම සඳහා තම පුවත්පත් යොදා ගනිමින් තිබෙන බවට මෙම නවීන් දිසානායක මහතාට පහර එල්ල කරන ලිපි හා පුවත් කිහිපයද සාක්ෂිය.

සැබැඳි පුවත් :
ක්‍රීඩා සංගම් මා‍ෆියාවට ඇමැතිගෙන් මාරාන්තික ප්‍රහාරයක් !

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැති නවීන්ව බිත්තියට හේත්තු කරගෙන

මානෙල්ලා වුෂූවලින් දියුණු වූ හැටි.

ක්‍රීඩා සංගම් මා‍ෆියාවට එරෙහිව වැටක්, වසර 4ක් සිටි නිලධාරීන්ට නැවත තනතුරු බෑ

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයෙන් පාසල් දරුවන්ට චණ්ඩිපාට්

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි

Last modified on Monday, 23 March 2015 10:52

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us