ලබන බදාදා වන විට ක්‍රීඩා නිලධාරීන්ට සාධාරණය ඉටු වේවි

Published in ක්‍රීඩා
Monday, 13 July 2015 10:09

වර්ෂ 2006 සිට මේ දක්‌වා දස වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ විසදුම් නොලැබුණු ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතාව පිළිබද ගැටලුවට මෙම බදාදා දිනය වන විට විසදුම් ලැබෙනු ඇති බව ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (12)පැවසීය.

"මේ ගැටලුව විසදමින් එම වැටුප් විෂමතාව ඉවත් කිරීමට මම කැබිනට්‌ මණ්‌ඩලයෙන් මේ වන විට ඉල්ලීමක්‌ කර අවසන්. සාමාන්‍යයෙන් එවැනි කැබිනට්‌ පත්‍රිකාවක්‌ සඳහා සති දෙකක කාලයක්‌ තුළ තීරණය ලැබෙනවා. ඒ අනුව මට ලොකු විශ්වාසයක්‌ තිබෙනවා මේ බදාදා දිනය වන විට මේ සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබෙයි කියලා. වසර ගණනාවක්‌ තිස්‌සේ කිසිවෙකුටත් විසදුම් ලබාදිය නොහැකි වූ ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය ඒ අනුව තව නොබෝ දිනකින්ම විසඳන්න අපිට හැකියාව ලැබෙයි කියලා දැඩි විශ්වාසයකින් පසුවෙනවා " යෑයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන ලදී.

2006 වසරේ අය වැයට අනුව රජයේ සේවක වැටුප් වැඩි වීම සඳහා වූ 6/2006 චක්‍රලේඛයට ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම මග හැරී යාම හේතුවෙන් ඔවුන් මේ වන විට අවම වැටුපක්‌ ලබන රාජ්‍ය සේවක කොට්‌ඨාසයක්‌ බවට පත්ව සිටින අතර ඉකුත් වසර කිහිපය තිස්‌සේ මෙම වැටුප් විෂමතාව මග හරවා ගැනීම සඳහා ක්‍රීඩා නිලධාරීහු දැඩි වෙහෙසක නිරත වූහ.

එයට විසඳුමක්‌ නොලැබීම හේතුවෙන් සිය කටයුතු වලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ක්‍රීඩා නිලධාරීන් කටයුතු කළ අතර එම තත්වය මත මේ වන විට වසර 40 ක ඉතිහාසයේ පළමු වරට ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමට නොහැකි වන තත්වයක්‌ ද උද්ගතව තිබේ.

දිවයින

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us