සංගා ටෙස්ට් පිටියෙන් සමුගන්නා දිනය හෙළි කරයි.

Published in ක්‍රීඩා
Saturday, 27 June 2015 19:24

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මස පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර අද නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ අද(27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට තමන් සහභාගි නොවන බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේය.

කුමාර් සංගක්කාර මේ වනවිට ටෙස්ට් තරග 131 ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ලකුණු 12271ක් රැස් කරගෙන ඇත්තේ ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක 10ක් සහ ශතක 38කට හිමිකම් කියමිනි.

ඔහු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 319කි.

1977 දී මාතලේදී උපත ලද කුමාර් සංගක්කාර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූයේය.වසර 2000 දී ටෙස්ට් වරම් ලද ඔහුගේ මංගල තරගය දකුණු අප්‍රිකාව සමග පැවතුනි.

කෙසේ වෙතත් ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන කුමාර් සංගක්කාර මේ වසරේදී ටෙස්ට් පිටියෙන් සමු ගනු ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us