මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද දැඩි අවධානයෙන් පසුවේ.
මහේලගේ එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් පුහුණුකරුවෝ විවිධ ආකාරයේ අදහස් දැක් වුහ.
මහේල ජයවර්ධන දක්ෂතා සියල්ලෙන් සපිරුණු පරිපුරිණ ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.
විශ්වාසය
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කරන රංගන හේරත් පැවසුවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ සිටි විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන්ගෙන් එක් අයෙක් බවයි.
මහේලගේ හිඩැස පිරවීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලහිරු තිරිමාන්න පැවසුවේය.
මහේල ක්‍රීඩා කරන එස් එස් සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අදහස් දක්වමින් මහේල ටෙස්ට් ක්‍රීඩාවෙන් නික්ම යාම තරුණ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් අහිමි වීමක් ලෙස හඳුන්වයි.
විශිෂ්ටයි
ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක පවසන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිති කරුවන් කිහිප දෙනාගෙන් මහේල එක් අයකු බවයි.
මහේල මෙතරම් ඉක්මනින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවසුවේය.
තරුණ ක්‍රීඩකයෙකු වන කෞෂල් සිල්වා පැවසුවේ මහේලගේ අඩුව පිරවීම අපහසු වුවත් ඒ පිළිබඳ පසුතැවී නොසිට කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉදිරියට යා යුතු බවයි.
(බිබිසි සංදේශය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන, එළඹෙන පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතය.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...