ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නන්ගේ අවුලක්‌

Published in ක්‍රීඩා
Tuesday, 05 August 2014 09:52

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්‌මාල් ආබාධයකට ගොදුරුවීම මත සංචාරක පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගිවීමේ අවස්‌ථාව අහිමිවී තිබේ.

ලක්‌මාල්ගේ වම් පාදයේ වළලුකරට ඉහළ ප්‍රදේශයේ හටගෙන තිබෙන ආබාධයක්‌ හේතුවෙන් එලෙස ඔහුට සති 4 ක පමණ කාලයක්‌ විවේක ගැනීමට උපදෙස්‌ ලැබී තිබේ.

එමෙන්ම දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්‌ට්‌ තරගයේ පන්දු රකිමින් සිටියදී තුවාල ලැබූ ශමින්ද එරංගගේ තත්ත්වයද තවමත් යහපත් අතට හැරී නොමැතිවීම ශ්‍රී ලංකාවට තරමක්‌ ගැටලුකාරී තත්ත්වයක්‌ උද්ගත කරවන්නක්‌ බවට පත්ව තිබේ.

එම තරගය අතරතුරදී තුවාල ලැබීම මත ශමින්දගේ අතට මැහුම් 8 ක්‌ යොදා තිබෙන නමුත් පාකිස්‌තානය සමග හෙට (06 දා) ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයට ඔහුව සහභාගි කරවීමට හැකි සෑම උත්සාහයක්‌ම ගනු ලබන බව මේ පිළිබඳව කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා සඳහන් කර සිටියේය.

ශමින්ද මේ දිනවලදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පුහුණු සැසිවලට සහභාගිවෙමින් සිටින අතර ඔහුගේ දායකත්වය පිළිබඳව ඊයේ සවස්‌ වනතුරුත් කිසිදු එකඟතාවකට පැමිණ නොතිබිණි.

ඒ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි සොයිසා මහතා, ශමින්දගේ තත්ත්වය දැන් තරමක්‌ යහපත් අතට හැරී තිබෙන බවත් ඉදිරි දින දෙක තුළදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලා පළමු ටෙස්‌ට්‌ තරගයට යොදවනවාද යන්න තීරණය කිරීමට නියමිත බවත් සඳහන් කර සිටියේය.

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us