සංගා යළි අංක එක

Published in ක්‍රීඩා
Monday, 12 January 2015 12:59

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශේ‍්‍රණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය නැවත දිනා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී අැත.

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය 11වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත්විය.

ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ලකුණු 12000සීමාව පසුකළ පළමු පිතිකරු ලෙසත් ලොව එවැනි දක්ශතාවක් දැක්වූ පස්වැනි පිතිකරු ලෙසත් කුමාර් සංගක්කාර ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේය.

සිම්බාබ්වේ කි‍්‍රකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඬේව් වට්මෝර් පත් කිරීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා බිලියඩ් හා ස්‌නූකර් සංගමය විසින් 62 වැනි වරටත් පවත්වන ලද ජාතික බිලියඩ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් තරග වැදී කේ. එච්. සිරිසෝම සමත්විය.

කොළඹ සුගතදාස හෝටල පරිශ්‍රයේ පැවැති අදාළ තරගාවලියේදී සිරිසෝම විසින් මුවර්ස්‌ ක්‍රීඩා සමාජයේ එස්‌. එච්. එම්. අස්‌ලම්ව තරග වට 6-4 ක්‌ ලෙස පරාජයකට ඇද දමිමින් 22 වැනි වරටත් ජාතික ශූරතාවට හිමිකම් කියනු ලැබීය.

සචින් තෙන්ඩුල්කර් 2015 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබේ.

පන්දුවක් හිසේ වැදී ෆිල් හියුස් මියයාමෙන් පසු තවත් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෙකුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමේ සිදුවීමක් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාකරයි.

ඇමරිකාණු පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස්ට වසරක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇත.ඔහුට මෙම දඬුවම නියම වී ඇත්තේ, බීමතින් රිය පැදවීමේ වරදටය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us