ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

කටාර්හි පැවති පළමුවන ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ.

දෙදහස්‌ දහසය වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මුවාවෙන් ඔලිම්පික්‌ කමිටුවෙන් අයථා ලෙස මුදල් උපයාගෙන තිබෙන බවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්නට සහ ඔහුගේ පවුලේ උදවියට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද භාරදුන්නේය.

ශ්‍රී ලංකාවට මීට වඩා ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාදීම තම අපේක්ෂාව බව දෝහා කටාර් රාජ්‍යයේ පළමුවරට පැවති අාසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ තරගාවලියේ රන්පදක්කම්ලාභී යාමනී දුලාංජලී ශිෂ්‍යාව පවසයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී රුපියල් කෝටි 30 කට අධික වංචාවක් සිදුවූයේද යන්න හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අතර වූ ගිවිසුම්වල මුල් පිටපත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ආයතනවල කළමනාකරුවන්ට ඊයේ (11) නියම කළේය.

විවාහයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂතා දැක්වීමට හේතුව ඔවුන් ගෙදර සිටිනවාට වඩා වැඩි වේලාවක් පිටියේ රැදී සිටීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය නීති විරෝධි බවට ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ. මෙවර නියෝජ්‍ය සභාපති තනතුරට පත් යෙස්මින් ධර්මරත්න මහත්මිය මෙයට පෙර හයවතාවක් ලේකම් තනතුරට හා එක්වතාවක් භාණ්ඩාගාරික තනතුරට පත්ව ඇති හෙයින් වසර හතරේ නීතිය අනුව මෙවර පත්වීම නීති වි‍රෝධී බවට ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ පැමිණිල්ලේ දැක්වේ.

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us