ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ලැබෙන මුදල් නිසි අයුරින් පාලනය නොකරන නිලධාරීන් ඒ සම්පත් භුක්ති විඳින බවත්, ක්‍රීඩා සංගම්වල වැඩ කටයුතු හරියාකාරව සිදුකෙරෙන්නේ නම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බවත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නිලවරණ පැවැත්වීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් 18 සඳහා ප්‍රධාන විධායක නිලධාරියා බැගින් පත්කිරීමට අදාළ ක්‍රීඩා සංගම් සියල්ලේ නිසි බලධාරියා ලෙසින් කටයුතු කරනු ලබන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඊයේ කටයුතු යොදා තිබේ.

ආසියාවේ රටවල් 19 ක සභාගීත්වයෙන් සිංගප්පුරුවේ පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රීදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකාවට එහි 08 වැනි ස්ථානය හිමිව අැත.

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7 දා) පැවැති මීටර් 800 කාන්තා අවසන් තරගයේ තෙවැනි ස්‌ථානය හිමි කර ගැනීමට නිමාලි ලියනාරච්චි සමත්විය. මේ අනුව ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟාවලියේ එකම පදක්‌කම දිනා දීමට සමත් වූවාය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් තේරී නොතිබුණද, පසුව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් චීනයේ වූහෑන් බලා පැමිණි මීටර් 100 ඉසව්වේ නවතම සොයා ගැනීමක් බවට පත්වූ 18 හැවිරිදි රුමේෂිකා රත්නායක තම ඉදිරි මලල ක්‍රීඩා දිවිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු පළ කරයි.

ශ්‍රී ලංකා කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයෙන් දග පන්දු යවන සහීඩ් අජ්මාල් ඉවත්කොට ඇත. අහමඩ් ශේෂාඩ්, ෂාන් මසූඩ් හා ඒෂාන් අඩිල් සංචිතයට නම් කොට තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් සෙප් බ්ලැටර් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අන්තර්ජාතික පිහිනුම් සම්මේලන (ෆිනා) ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමට Killer Whale පිහිනුම් සමාජයේ මැතිව් අබේසිංහ ඊයේ (31දා) සමත් විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us