අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩි‍යෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

සබරගමුව මහ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.

ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රාජපක්ෂ රෙජීමය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර අද(18 ) දින 2000ක් සම්පූර්ණ වෙයි. මේ හේතුවෙන් අද මෝදර කාලි කෝවිලේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ගේ මූලිකත්වයෙන් විරදම් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි.

ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලියට සමස්ත අධිකරණ පද්ධතියම මුලාවකට ලක් කළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද ගොඩවූයේය. ඔහුට එහිදී පවසන්නට තිබුණේ අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වී ඇති බවකි.

මහා පරිමාණ වංචා හා දූෂණ චෝදනා එල්ලවූවන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාග සඳහා කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දැමීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේ 150 නමක් පමණ ඉදිරිපත්ව ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මහතා කීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us