මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත හෙළනු ඇතැයි වාර්තාවේ.

විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.

උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ ඇලන් මැතිනියාරාමයේ සිටි අවුරුදු 02 1/2 ක අලි පැටවකු වනජීවි භාරයට ගෙන තිබේ.

ජනපති සමාව යටතේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමි සියලු තනතුරු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් යනාදී සියලු හිමිකම් ඔහුට නිල වශයෙන් හිමිව තිබේ.

රැස්වීම් කාමරයක් සහිත සුපිරි හෝටල් කාමරයක් ලෙස අභ්‍යන්තරය සකස් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් අද දින කිසිවකු විසින් විදේශ අමාත්‍යංශ වාහන අංගනයට ගෙන විත් දමාපළා යාමට උත්සහ ගෙන තිබේ. පසුව එම පුද්ගලයන්ව විදෙශ අමාතයංශ ආරක්ෂක නිළධාරීන් විසින් අල්ලාගෙන ඇත.

ලංකා පුවත් ආයතනයේ මේවන විට ඇතිවී ඇති තත්වය පිළිබඳව පසුගියදා අප විසින් පළ කළ 'කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි'නමින් වූ පුවතේ සඳහන් වූ කරුණු සාවද්‍ය බව සඳහන් කරමින් එම ආයතනයේ පරිපාලන කලමනාකාරවරියගේ, ප්‍රවෘත්ති කර්තෘවරු දෙදෙනකුගේ හා තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ අත්සනින් යුතුව පිළිතුරු ලිපියක් අප වෙත එවා ඇත.

හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් යළි අගවිනිසුරු ධුරයේ වැඩ ආරම්භ කළා ය.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us