හෙට(08) දිනයේ මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳ ඉන්දියාවේද අවධානය යොමු වී අැත.

ඡන්ද දායකයන් පොළභවා ගැනීම සඳහා ඡන්ද අල්ලස් ලෙස බඩු භාන්ඩ බේදීම නිතිය හමුවේ වරදක් වුවද පසුගිය ජනවාරි 05වන දින මධ්‍යම රාත්‍රියේදී ජනාධිපතිවරන ප්‍රචාරක වැඩ අවසන් වූ පසුවත් කිසිදු බියක් සැකක් නොමැතිව භාණ්ඩ බෙදා හැරීමට සන්ධානය කටයුතු කර තිබේ.

ක‍ටුනායක හා මත්තල ගුවන් තො‍ටුපොළ ආරක්ෂකයින් ලෙස විශේෂ පිරිසක් යෙදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තාවේ.

ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව අැතුළු රාජ්‍ය මාධ්‍ය අායතනවල ආරක්ෂාවට ගොඨාභය රාජපක්ෂගේ රක්නා ලංකා සමාගමේ නිළ අැදුම් අන්දවා ජනාධිපති අාරක්ෂක අංශ නිලධාරීන් යොදවා අැති බව වාර්තාවේ.

බේරුවල නගරයේ කූප්‍රකට ජාවාරම් කරුවකු වන එළවළු රෝයි හෙවත් රෝයි සහෝදරයා ලෙස හැඳින්වෙන පුද්ගලයා මේ වන විට ඡන්ද කාඩ් පතකට රුපියල් 1500 ගානේ ගෙවමින් මිළදී ගනිමින් සිටී. මේ සමඟ ජාතික හැඳුනුම් පත්ද එකතුකරගෙන ඇත. එය ජනවාරි 9 වන දින යළි ලබා දෙන පවසා ඇත.

එ.ජා.ප නියෝජ්‍ය නායක, හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන චරිතය ඝාතනය කරමින් මඩ ප්‍රචාර ව්‍යාපෘතියක් දියත්වීමට නියමිතව පවතීන බව සැලවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂවරු කුඩු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහය නියැලුනේය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණමෙහෙයුමේ අවසන් පැය 48 බාරගෙන ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බව අප මිට පෙර පුවතකින් හෙළි කරනු ලැබීය . ඒ අනුව මේ වන විට ලැබෙමින් පවතින ආරංචි මාර්ග අනුව යම් භිෂණකරී ක්‍රියාවලියක් ආරම්බ වීමේ සලකුණු පහලව ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us