ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, යුද අපරාධ පරීක්‍ෂණයකට ලක්කල යුතුය යන ස්ථාවරයේ තමා අඛණ්ඩව සිටින බව රැප් ගායිකා මායා අරුල්ප්‍රකාශම් ප්‍රකාශ කර ඇත. නව රජයක් පිහිටුවා ඇති පසුබිමේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතු බව ඇය චැනල් 4 නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
 
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ කාලයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් වශයෙන් කටයුතු කර ඇති අතර ඔහුද ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණය ප්‍රතික්ෂේප කර ඇත. එබැවින්, එම රජයද පෙර තිබූ රජයට සමාන බව ඇය ප්‍රකාශ කර ඇත.
 
මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට දෙමළ ජනතාවගේ ඡන්ද වැඩි දායකත්වයක් ලබාදී ඇත. එබැවින්, නව රජය දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලිය යුතු බව මායා ඉල්ලීමක් කර ඇත. රාජපක්‍ෂ රජය සිදුකල දෙමළ ප්‍රදේශ හමුදාකරණය කිරීම ඇතුළු ඇතැම් කරුණු නව රජය ලිහිල් කිරීම තුලින් සංහිදියාවක් ඇති කිරීමට හැකි බව මායා ප්‍රකාශ කර ඇත. 
 
දෙමළ ජනතාවට එරෙහි යුද අපරාධ සිදුකල මහින්ද රාජපක්‍ෂව Hague අධිකරණයට යැවිය යුතුය යන ස්ථාවරයේ තමා අඛණ්ඩව සිටින බව මායා අරුල්ප්‍රකාශම් ප්‍රකාශ කර ඇත. 
 
 
(lankatnews)
 

උතුරු පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයේ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බව දැන ගැනීමට තිබේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවන මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන ඞී.එම්.එස්. ජයරත්න පත්කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ තනාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සඳහා පරීක්ෂණ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය තවමත් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ සේවකයෝ කනස්සල්ල පළ කරති.

බොදු බල සේනා සංචිධානය ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව දේශපාලන අතකොළුවක් බවට පත්කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා නව රජයට එක්කර නොගන්නා ලෙස කියමින් මාතර - කොළඹ මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

මේ සිරස් තලට යටතේ පළ කල පුවතේ ජනාධිපතිවරණ පෙත්සමට අදාල මහින්ද රාජපක්ෂගේ ලේඛණ ගත නීතීඥවරිය ලෙස නීතීඥ අනෝමා ගුණතිලක මහත්මියගේ නම සඳහන් විය.

මේ සම්බන්ධයෙන් ඇය අප වෙත නිවැරදි කිරීමක් එවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වෙයි.මහින්ද රාජපක්ෂ මහතා ඊය‍ේ (14)රාත්‍රිය‍ේ හිටපු මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත්ත‍ේ තමා ක්‍රියාකාරී ද‍ේශපාලනයෙන් සමුගන්නා බවයි. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us