ජනාධිපතිවරයා සුබ නැකත් සුබ පල පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන හා තද බල ලෙස ඒවා විශ්වාස කරන බව නොරහසකි.ඒ නිසාම මැතිවරණ ත්‍යාගයක් ලෙස ලිතක් බෙදා හැරීමට සිතුවිල්ලක් පහළ වන්නට ඇත. මැතිවරණය ඉලක්ක කර නව වසර සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ රුව සහිතව ලිතක් බෙදා හැරීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ තවත් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇත.

මෙරට ජනතාවගෙන් අවස්ථාවාදී දේශපාලනයට ඉඩ නොලැබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කියා සිටියේ කිසි දිනක තමා අතහැර නොගිය මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණයේදීද තමා සමග සිටින බවය.

හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.

ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්‌ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක්‌ ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක දූෂිත ක්‍රියාවක්‌ සිදු වීමට කිසිසේත්ම ඉඩක්‌ නොමැති බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස්‌ වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.

දෙමළ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අද  පිටරටින් නළු නිළියෝ ගෙනල්ලා ඉතාමත්ම පහත් අන්දමින් තමන්ගෙ ඇඟ බේර ගන්න හදනකොට අනිත් පැත්තෙන් මිහින්ද රාජපක්ෂ කොයිතරම් බංකොළොත් වෙලාද කිව්වොත් අද යුද්ධය විකුණගෙන කාල ඒකත් හරි යන්නෙ නැතුව රණවිරුවෝ විකුණගෙන කාපු මහින්ද රාජපක්ෂ දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීයත් විකුණගෙන කන තත්වයට පත් වෙලා. මහින්ද රාජපක්ෂගෙ දැන්විම් ව්‍යාපාරයට ජාතික ගියේ කොටස් එක් කර ගැනීමෙන් ඒක පැහැදිලි වෙනවා. යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පැවැති මාධය සාකච්ඡාවකදි පැවසීය.

වත්මන් ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
 
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු පැවසුවේය. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us