ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහයෝගය ලබාදීමට ජාතික සංඝ සම්මේලනය තීරණය කර ඇත. ඒ, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා අතර කොළඹ අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

ආණ්ඩුවේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට තමන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක්ව කි‍්‍රයා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට යුරෝපානු සංගම් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අතරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම සහ එම සංවිධානයට ලැබෙන ආධාර මුදල් අත්හිටුවීම යන කරුණු ඇතුළත්ව ඇති බව සඳහන්ය.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ (theindependant.lk)වෙබ් අඩවියට මීට සුලු මොහොතකට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණය වැඩිම ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවිය හැකි මැතිවරණය විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ‘‘ඒකාධිපති වියරුව පරදවමු’’ මැයෙන් නුගේගොඩ නගරයේ ඊයේ (01) පැවති ජනරැළියක් අමතමින් එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us