පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට රටින් පිටවී යෑමට ඉඩ දීම බරපතල වරදක් බව නීතිඥවරු පෙන්වා දෙයි. ඔහුට එරෙහිව බරපතල චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මොහොතක මෙලෙස රටින් පිටවී යාමට ඉඩ ලබාදීම නව ආන්ඩුවේ 'යහපාලනය' විහිළුවක් බවට පත්වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ  එම තනතුරේ වැඩ බැලීමට පත් කර තිබේ. 


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.

ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.

දයාසිරිලා එපා

Published in පුවත්
Sunday, 18 January 2015 11:14

වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු වයඹ පළාතේ සිටින දූෂිත දේශපාලඥයින් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස බලකරමින් කුරුණෑගල දිස්ත්‍රික් එජාප ආධාකරුවෝ පිරිසක් අද (18දා) පොල්ගහවෙල නගරයේ විරෝධතාවක නිරතවූහ.

පෞද්ගලික අලි හිමියන් භාරයේ සිටින අලි පැටවුන් 27 න් 22 ක්ම හොර අලි බවද ඔවුන් සදහා ව්‍යාජ ෙල්ඛන සකස් කර බලපත්‍ර ලබාදී තිබෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් යැයිද හිටපු වනජීවී අැමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

මහින්ද පරාජය කළා කීවාට මහින්ද පරාජය වෙලා නෑ. මහින්දගේ ප‍්‍රතිපත්ති එහෙම්මම තියෙනවා නම් මහින්ද පැරදුණා කියන්න බෑ. රූපකාය විතරක් එලවලා වැඩක් නෑ. රූපකායත් එලවලා නෑ. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස ඉන්නවා. මෛත‍්‍රීපාල නායකත්වය දරන පක්ෂයට ඔහු දෙන අනුශාසනා මොනවද? මේ තත්ත්වය වෙනස් කරලා සමාජයට ජයග‍්‍රහණ හිමිකර දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් සක‍්‍රීය විය යුතුව ඇතැයිපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us