සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටි අට්ටාලයට ඊයේ(10) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අදාළ සිසුන්ට පහරදී පළාගොස් තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය 2013 වසරේදී රුපියල් කෝටි 111 ක්‌ පාඩු බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊයේ (10 දා) පාර්ලිමේන්තුව වෙත එවා තිබූ ලේඛනයක්‌ කියවමින් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්‍ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනකුට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කොට තිබේ.

දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) මේ දෙදෙනායි.

දාහත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග නිට්ටඹුව ‍හොරගොල්ලේ නිවාස සංකීර්ණයේ නිවසකට ඇතුළු වී දේපල හානි සිදුකිරිමේ සිද්ධියට සැකකරුවෙකු වන නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (09)අත්තනගල්ල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.
දුම්රිය වැඩ වර්ජනය නිසා තැපැල් දුම්රිය ධාවනය ඇන හිටීමෙන් ඊයේ (9 ) දහවල් වන විට සාමාන්‍ය ලියුම් ලියාපදිංචි ලිපි සහ පාර්සල් ලක්‍ෂ පහකට අධික ප්‍රමාණයක්‌ බෙදාහැරීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ඇතුළු තැපැල් කාර්යාලවල සිරවී ඇතැයි ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා පවසයි.
ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල අද (10 ) සිට රුපියල් 250 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. 

82 වන ඉන්දීය ගුවන් හමුදා දිනය වෙනුවෙන් පැවති සංදර්ශනය පෙරේදා දිල්ලිහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us