ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් නව සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත් කර අැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා ආමාත්‍යවරයා පත් කර තිබේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පෙරුමාල් රාජතුරෙයි මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වි ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මග්ගොන, පයාගල ප්‍රදේශයේදී ප්‍රීති උත්සව පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එරෙහිව සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

රාජපක්ෂගේ පාලනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය ලබා දීමට ඒකමතිකව තීරණය කළ බව එකසත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(21) සවස සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස තමාට බොහෝ ඉල්ලීම් ලැබුණු බවත්, තමන් විසින් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
තමාට බලයට පෙරේතකමක් නොමැති බවත්, දේශපාලන කටයුතුවලට එළඹීම සම්බන්ධයෙන් දරුවන් පවා විරුද්ධවන බවත් ඇය කියා සිටියේ අද(21) කොළඹ, නවනගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 
කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “ මෛත්‍රී පාලනයක් ගොඩනගමු” තේමාව යටතේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us