අවිධිමත් ලෙස සිදුකෙරුණු උපස්ථාකයින් බඳවා ගැනීම අහෝසි කර විධිමත් අයුරින් නැවත උපස්ථායකයින් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් විරෝධතාවයේ නිරත වනබව වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්වයට දැවැන්ත හානියක් සිදු කරමින් කිලෝ මීටර් 775 ක දුරකින් යුත් ‘ෆෝ වීල් සංචාරයක් (Four Wheel Rally) සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බලකාය සහ මෙරට ලියාපදිංචි වී නොමැති ෆෝ වීල් සංගමයක් කටයුතු කර ඇත.

වලංගු නොවන බලපත‍්‍රයක් සහිතව පේරාදෙණිය - ගන්නෝරුව ප‍්‍රදේශයේ රඳවා සිටියදී පසුගියදා වනජීවි භාරයට ගැනුණු අලි පැටවෙකු පෙරේදා (27) රාත‍්‍රියේ මියගොස් ඇත.

රිය අනතුරකට ලක්ව රත්නපුර මහරෝහලෙන් මාරු කර එවු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිසානායක මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පස්වරුවේ ජාතික රෝහලට පැමිණියේය.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් කළ උදය කුමාර මහතාට ඌව පළාත් සභාව වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද (29දා) රටට දැනුම්දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

'' සෑම වාහන අංක 10,000 කටම ලියාපදිංචි නොමැති අංක 488 ක්‌ තිබෙනවා. ඒ අංකවල විශේෂ ලක්‍ෂණයක්‌ තිබෙනවා. එකතුව 13 යි. තමුන්නාන්සේලා යන එන කොට බලන්න වාහනවල අංක වල එකතුව 13 නම් ඒක හොර නොම්බරයක්‌. ඒ වාහනය තුළ මැරකල්ලි ඉන්නවා, ඔබව අතුරුදන් කරන්න පැහැර ගෙන යන්න පමණක්‌ නොවේ ඔබව ඝාතනය කරන්න වුණත් පුළුවන් යෑයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කෑගල්ලේ පැවැති, 'නීතියේ ආධිපත්‍ය සුරකිමු' නමින් මහජන සභාව අමතා පැවසීය.

තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us