බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.
රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පිළිතුරු දෙන්න සූදානම්, අනුරගෙන් රනිල්ට ඇරයුම් !
රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.
අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
volunteer sri lanka & charity group විසින් වසර 3ක් පුරා පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන යන වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වෙනි දා අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

