එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය.

මුවදොර පිටියේ පැවැත්වුණු අරගලය අතරතුරේදී අත්පත් කරගත් ජනාධිපති මන්දිරයට සිදු වූ අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 364.8ක් වැයවන බවට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇස්තමේන්තු ගත කර ඇත.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සෙවීමේ වැඩපිළිවෙලක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට ඩිස්නිලන්තය පිහිටුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සැරිසරන සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලදැයි කියන මාධ්‍ය නිවේදනය සහ ඇමරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගමේ ලිපිය ව්‍යජ එකක් බව අනාවරණය වේ.

පොදුජන පෙරමුණ මේ වන විට කොටස් කීපයකට කැඩී වෙන්වී ඇති බවත් තමන් සමඟ එකතුවිය හැකි සුළු පිරිසක් සමඟ හෝ පක්ෂය නැවත ගොඩනගන බවත් එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට බලා පිටත් වීමට නියමිතය.

දෙමළ ජාතින සන්ධානය 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකුම ද්විත්ව පුරවැසියන් වීම පදනම් කරගෙන බව දැන ගැනීමට ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us