කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන්  50,000 ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉන්දීය වෙළදපළවලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ ආසන්නයේදී සුරංගනා කතාවලින් ජනතාව රැවටීම නවතා ජාතියේ වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කර තිබිණි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us