පොදුජන පෙරමුනේ අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ දිනය වන විට තීන්දු කර සිටි මහින්ද රාජපක්ෂ මේ වන විට එම අදහස අත් හැර තිබේ. රනිල් වික්‍රමසිංහ සමඟ තරගයක් දි ඔහුට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනිමට හැකි බව එම පෙරමුණේ නායකයන් විශ්වාස කළේය.

මහ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පොදු පෙරමුණකින් තරග කළ යුතු බවට අද උදෑසන පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රබල යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කවර තත්වයක් හමුවේ හෝ ඉදිරි මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාපය අද උදෑසන පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමේදී තීරණාත්මක කරුණු කාරණ රැසක් සාකච්ඡාවට ගෙන තිබේ.

බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය ‍රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා මහින්ද සමඟ සිදු කළ බලය පැහැර ගැනිමේ කුමන්ත්‍රණය නීත්‍යානුකූල බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා අවශ්‍ය පිලිතුරු පත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු නීතිවේදී සමාගමක් වෙත පැවරීමට කටයුතු කර ඇත.

සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ශ්‍රීලනිප කාරක සභාව ඊයේ (08) අපේගම පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ,14 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු හෝ දෙදෙනෙක් මරණයට පත්කොට හෝ බහුතර බලය දිනාගන්නා බව ප්‍රකාශ කොට තිබෙන බව පා.ම. තුෂාර ඉදුනිල් මහතා අද (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පලනි දිගම්බරම් සහ මනෝ ගනේශන් මන්ත්‍රීවරු දෙදෙනා කවර මිළක් ගෙවා හෝ මිළදි ගෙන ජනාධිපතිවරයා හමුවට ගෙන එන බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු නාමල් රාජපක්ෂට අද දින පොරොන්දු වී තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබෙන තුරුම්පු ලබන 14 වෙනිදාට අදිනවා යැයි වහසි බස් දෙඩවූවද ඔහු සතුව ඇත්තේ ජෝකර්ලා පමණක් බව මේ වන විට තවුරුව තිබේ. සිරිසේනගේ මරි මෝඩ ක්‍රියා කලාපය නිසා රාජපක්ෂවරුන්ද ලොකු අමාරුවක වැටී ඇති බව එම පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us