මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට සිවිල් සංවිධාන 75ක් සහ එක්‌සත් ජාතික පෙරමුණ අතර අත්සන් තැබීම අද (28 වැනිදා) පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරේ.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර දේශනයක් අතර තුරදී අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දී මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජාතික සන්ධාන මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පෙඩරල් විසඳුමක් අපේක්ෂා කරන බව දක්වා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පළමු අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව Metallurgical Corporation of China (MCC) නම් චීන සමාගමකට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සඳහා චීන Exim බැංකුව ආධාර සපයයි.

මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව 538 ක් වන අතර ඉන් 23 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී තිබේ.තවත් සිදුවීම් 515 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලෙස වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ පසගිය(25) දින යාපනය මරුදනාර්මඩම් හි පැවැති දෙමළ ජාතික සන්ධානයේ, යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින්ය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩ පිළිවෙළ ආරම්භ වී ඇති බවයි.

පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග පාලනය තුළ මාධ්‍ය නිදහස නිර්ලජ්ජිතව හා අමු අමුවේ විනාශ කිරීමේ කථාන්තරය හොඳින්ම පිළිඹිබු වන්නේ රිවිර පුවත් සමාගම් ඉතිහාසය තුළ විය හැකි බව විදේශකටයුතු නියොජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us