හමුදා අංක තහඩුවක් හා තවත් අංක තහඩුවක් සවිකර තිබූ සුදුපැහැති කැබ්රථයක තිබී අනුරාධපුර සන්ධාන අපේක්ෂකයෙකුගේ පෝස්ටර් 4500ට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කැබිතිගොල්ලෑව, කොන්ගොල්ලාව ප්‍රදේශයේදී අද (24)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ(24) පෙරවරුවේ එළිදැක්වින.

'මාස හැටකින් අලුත් රටක් සඳහා පංචවිධ ක්‍රියාවලිය'නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ මෙම උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය හා අධ්‍යාපනය ඉහල නැංවීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පෙරමුණ තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් හඳුන්වාදෙන පංච විධ ක්‍රියාවලියයි.

මහබැංකු භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට පත්කළ ‘කොප් කමිටුව’ නිකුත්කළ නිසි වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන්නැයි එම කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට අභියෝග කරන බව හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ (23) කොළඹ දිසා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

සිය පක්ෂ අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයුතු සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පරිහරණය කරනු ලබන නිල වාහන දෙකට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂදෙකක් පසුගියදා ගෙවා ඇති බව සඳහන් වේ.

වෙනත් අයගේ මෙහෙයවීමෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වූවන් පොලිස්‌ අත්අඩංගුවට පත් වීමේදී ඔවුනට සිදුවන හිරිහැර වධ හිංසාවන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ හඬක්‌ නැඟීමට කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකැයි නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක අවම වැ‍ටුප 32,000 කරන බව පැවසීමෙන් පසුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයක්‌ යටතේ රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක්‌ කිරීමෙන් පසු දීමනා රුපියල් 10,000 ත් සමග සම්පූර්ණ වැටුප වශයෙන් රුපියල් 35,000 ක්‌ ලැබෙන බව ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
ඊයේ (22) ජනතා විමුක්ති පෙරමුණේ විශෂ සමුළුව ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ රුපියල් ලක්ෂ 08 ගෙවීම සම්බන්ධයෙන්  විමල් වීරවංශ මහතා එම පක්ෂයට දොස් පවරා ඇත.

යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග සංවිධාන කිහිපයක් අද (23දා) පෙරවරුවේදී අවබෝධතා ගිවිසුමකට එළැඹියේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us