දියර කිරි ලීටරයක ගැනුම් මිල රු 60 සිටරු 70 දක්වා ඉහළ නැංවීමට 2015 අතුරු අයවැය මගින් යෝජනා වුණි.

රණවිරු විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක් හදුන්වාදීමට තීරණය කර අැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ආදරයක්‌ තිබේනම් දැන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්නට අභයාරාම කුමන්ත්‍රණ කරුවන්ට නායකත්වය නොදී දේශපාලන වශයෙන් විශ්‍රාම ගෙන පක්‍ෂය දිනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු ඇමැති එස්‌.බී. නාවින්න මහතා පැවැසීය.

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඇතුළත් ගැසට්‌ පත්‍රය වහා අකුලා නොගතහොත් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදී ද විරෝධතා පළ කරන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (19) මහනුවරදී පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) නියෝග කර තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 3000 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු දිගින් දිගට ම සිදු කරද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන රාජ්‍ය ආයතන ඊට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධි ලෙස ආරක්ෂිත වනාන්තර එළි පෙහෙළි කරමින් සිදු කළ මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහා පරිමණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් සිදු කළ වංචා දූෂණ නිමක් නැති බව රන්ජන් රාමනායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාජපක්ෂ පුතුන් ලැම්බෝගිනි පාවිච්චිකළ අාකාරය තමන් හොදින් දන්නා බවත් ඔහු පැවසුවේය.

ඕනෑම ගුවන් සේවයක පැමිණිය හැකි පරිදි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සඳහා නිදහස් ගුවන් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us