එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ හා ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවන දූෂිත හා ජාතිවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්‌වී අලුත් පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ. මෙම පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්යභාරය බලහත්කාරයෙන් ඉටුකිරීමට අපේක්‍ෂා කරන බවද සඳහන් වේ.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් සිවුදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක ධුරය දැරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි මධ්‍යම කාරක සභික නිහාල් ගලප්පත්ති මහතා කියා සිටියේ විපක්ෂ නායක ධුරය දැරීමට දැන් සදාචාරාත්මක මෙන්ම ව්‍යවස්ථාමය හිමිකම ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට බවය.

ලබන වසරේ මාර්තු මාසයේදී පමණ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනම සන්ධානයකින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස්‌ රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

යාල වනෝද්‍යානයේ හෝටල් ඉදිකිරීම රාජපක්ෂවරුන් විසින් යළිත් ආරම්භ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා විසින් පසුගියදා පැවැති ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ උත්සවයේදී පවත්වන ලද කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.

බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත්‍රී රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද (27) පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us