පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම්‌ කඩකළ ආචාර්යවරුන්‌ 35 දෙනෙකුගෙන්‌ රුපියල්‌ 159,907,138 ක මුදලක්‌ එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන්‌ නිකුත්‌ කළ විගණන වාර්තාවක්‌ මගින්‌ අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

ඖෂධ හිඟය හේතුවෙන් නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ පොලිස් රෝහල්වල සායනවලට පැමිණෙන රෝගීන්ට නිකුත් කරන ඖෂධ අද (03 වැනිදා) සිට සීමා කරන ලෙස පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් එම රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට දැනුම්දී ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 8 වැනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මීගමුව කොටුව ක්‍රීඩාංගණය අසළ නිෂ්පාදනය කරන ඇතැම් කරවල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us