හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල ඉහල ගොස් ඇති එලවළු මිල හේතුවෙන් කොස් දෙල් පොලොස් මිලද ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහන් කරනවා.

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවසා සිටියි. 

ශ්‍රී ලංකා රේගුවේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් 40 කට පමණ මේ වන විට විනය පරීක්ෂණ සිදු කරමින් ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (04) පැවසීය.

පාසල් ආරම්භවීමත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වාගෙන ගොස් පසු කාලීනව වසා දමන ලද සමාජ ශාලාව (Press Club) නැවත වරක් කොළඹ, ටොරින්ටන් ආශ්‍රිත ඉඩමක පිහිටුවීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අද ඊයේ වගේ පායයිද ?

Published in පුවත්
Saturday, 04 January 2025 08:56

අද (4) දිනයේ ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us