අද (15)පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 4කට වැඩි කාලයක් එක් දිස්ත්‍රික්කයක සේවය කර ඇති දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තිරණයකර අැත.

දේශපාලන සිරකරුවන් වී සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූවන් පිළිබඳ නිසි පිළිතුරක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලමින් යාපනය නගරයේ විරෝධතාවක් ආරම්භ කර අැත.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) පෙරවරුවේ ජයශ‍්‍රීමහා බෝධිය වැද පුදාගත්තේය.

පසුගිය කාලයේ තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(14) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතූමා හා ඉන්දියාවේ විිදේශ ලේකම් එස් ජයශංකර් මහතා විසින් නිල හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන්නන් වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මේ දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදාපන්න මාතෘකාව වී ඇත්තේ  පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කඹ ඇඳිල්ල ගැනය. 

ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය හා බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ඔත්තු සේවාව එක්‌ව පසුගිය ජනාධිපතිවරණයේදී තමා පරාජය කරන්නට කුමන්ත්‍රණය කළ බවත්, එසේ වුවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us