එළැඹෙන මහා මැතිවරණයට සෑම පක්ෂයකින්ම තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති.

ළග එන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාදෙන්නේ නම්, රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වැටුප් වර්ධකය මූලික වැටුපට එකතු කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරිමට අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහ සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රි ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අත්සන් ඊයේ (26) ඔස්ට්‍රියාවේ වියානා නුවර දී අත්සන් තැබීය.

අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) දින සිට ආරම්භවේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂවල සහාය ලබාගෙන ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එස්‌. බී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ඊයේ (26) පත් කරන ලදී.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us