ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (25) දිවයිනට පැමිණීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටවනු ලබන පක්ෂයේ පළමු සමුළුව සෙනසුරාදා උදෑසන 10.00ට නව නගර ශාලාවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්වය සම්බන්ධ අර්බුදයක් කෘතිමව නිර්මාණය කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රි ලනීප ආරංචි මාර්ග පවසයි.

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

පැවැති ආණ්ඩුව මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිත කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් යුද්ධය වවාගෙන කෑ බවත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ආරම්භ කරනු ලැබුවේද කොමිස් ගසා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us