ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ජාත්‍යන්තර පරමාණුක ශක්ති එජන්සියේ ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල බව අමෙරිකාව පවසයි.
පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ අඩු උනන්දුවක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.
උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසයි.
ඉන්දියාවට බලපා ඇති සූකර උණ රෝගය ශී‍්‍ර ලංකාවට ව්‍යාප්තවීම වළක්වාලීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර අැත. එහි මහජන සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වය ඇතිව එම කටයුතු සිදුවන බවය.
යුධ අපරාධ වාර්තාව කල්යෑමෙන් රාජපක්ෂලා තවත් අමාරුවක වැටේ
ශ්‍රී ලංකවේ සිදුව තිබෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තව 6 මසකින් කල් ගියද එමඟින් එම පරීක්ෂණ මණ්ඩලයට අලුත් සාක්ෂි එකතු කර ගැනීමට හා ලෑබී තිබෙන සාක්ෂි වඩාත් හොඳින් තහවුරු කර ගැනීමේ හැකියාවක් ලැබි තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.
මාලඹේ ඉදි කිරීම් වලට බිලියන 1.4 ක් දුන් පදනම කුමක්ද-අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදි කිරීම් සඳහා රුපියල් බිලියන 1.4 ක මුදලක් ලංකා බැංකුවෙන් ලබාදීම සිදු කෙළේ කිනම් පදනමක් යටතේ ද යන්න සොයා බලන ලෙස ඉල්ලා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත.
උතුරු මැද පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ එක් කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර අැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයකු යටතේ මේ කාර්යාලය ක්‍රියාත්මක කෙරේ.
නවක වදය ඉවසිය නොහැකිව සබරගමු සරසවි සිසුවිය ගෙල වැලලා ගනී -අවසාන කටයුතුවලට සරසවි සිසුන් එපා
නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියාසබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය ගොස් අැත.මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24) සිසුවියයි. තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් ලිපියක් ලියා අැත.