වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.



සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවත්, එයට කිසිසේත් ඉඩනොදෙන බවත්,  නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බවත්  මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළ බව ජාතික හෙළඋරුමය පවසයි.

 මීළඟ ජනාධිපතිවරණයේදී රට හැරවුම් ලක්ෂයක් කරා ගමන් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රාජකාරී කාලසීමාව තුළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය. 

'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා ආචාර්යවරු පරිපාලන ගොඩනැගිල්ලක රදවා තබා ගැනීම හේතුවෙන් වසා දැමුණු සරසවිය නැවත විවෘත කිරිමටත්, තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ආරම්භ කිරීමට හා පන්ති තහනම් කළ සිසුන්ගේ පනති තහනම ඉවත් කිරීමටත් එහි පාලනාධිකාරිය අද (30) දින තීරණය කොට ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us