අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකක තුනෙන් එක් ඒකකයක් වසා දමා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර අද පැවැත්වෙනවා.

2020 - 2024 වර්ෂවල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව 20-24 විශ්‍රාමික එකමුතුවේ සභාපති මාලික විමලසූරිය පවසයි.

ld add copy

Connet With Us