හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග , එම ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාළයක් , එම කළාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිට , සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

දඹදිව වන්දනාකරුවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ මසක සහන වීසා පහසුකම් මේ වනවිට නතර කර තිබීම හේතුවෙන් දඹදිව වන්දනාකරුවන් මෙන්ම මෙරට විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ද අසීරුතාවකට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව ප්‍රකාශ කළේය.

2022 දත්ත වාර්තාවලට අනුව මෙරට මුඛ පිළිකා රෝගීන් 3800 ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඒ අයගෙන් 3000 ක්ම පිරිමි අයවලුන් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනිගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

අද කාලගුණය

Published in පුවත්
Thursday, 16 July 2026 09:09

අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us