දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යති. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ,  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධාන කෙරුණු බවයි. 

ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දරුවන් ඇතුලූ සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට ඔස්ෙට්‍ර්ලියානු රජය තීරණය කරයි.

දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

වසර 16ක කාලයක් තිස්සේ මියගිය කාන්තා සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්විණ. 

ld add copy

Connet With Us