බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ දායකත්වයන් ලබා ගත නොයුතු සමාගම්, ආයතන හා තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර සිටී.

ලබන වසරේ සිට පොහොර සහනාධාර දීමනාව රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට රජයට යෝජනා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසා තිබේ
 

ld add copy

Connet With Us